Monday 28 April 2014

මොල්ටා


    

උතුරු අක්ශාංශ 36-35 දක්ශින දේශාංශ 14-15 අතර පිහිටි රටකි.මධ‍යදරණි මුහුද මැද පිහිටා ඇති මෙම රට ගෝසෝ ,කොමිනො යන දුපත් වලින් සැදුම්ලත් ප්‍රදේශයකි.සිසිලියට කිලෝමිටර් 90 පහතින් මොල්ටා පිහිටා තිබේ.දකුනු සිසිලියේ සිට අප්‍රිකාව දක්වා ඇති මුහුදු යටි පතුල පිහිටා  තිබෙන ගල්පරය මතපිහිටීම  නිසා මේම රට පිහිටීම අතින් ඉතා සුවිශේශි වේ.ලොව කුඩාතම රටවල් අතුරින් එකක් සහ  වඩා ජනග්‍රහන ඝනත්ව රටවල් අතුරින් එකක් බවට මෝල්ටාව පත්කරයි.  
මොල්ටා වල මෙම පිහිටීම  නැගෙනහිර මධ්යදරණී මුහුදේ සිට බන්සීනි දක්වා තිබෙන මුහුදු මාර්ගය පාලනය කිරීමේ හැකියාව මෙම රට සතුය ඉතා ඉපැරනි ඉතිහාසයක් හා ශිෂ්ඨාචාරයාක් තිබෙන මෙම රට නොයෙකුත් සංස්කෘතික වල එකතුවක් වේ.විශේශයන්ම පැරනි බ්‍රිතාන්ය සංස්කෘතික අංගද මේම රටේ සංස්කෘතියට අයත් වේ.ඊලග පොදු රාජ්ය මණ්ඩල රැස්වීම පවත්වීමට නියම වී තිබෙන්නේ මොල්ටාවටයි.


       රතු පාට තීරුවෙන් දැක්වෙන්නේ නිපුන රුධීරයත් සුදු පාටින් දැක්වෙන්නේ නිර්මලත්වයත් හා ඉහල අග පෙනෙන කුරුසියෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්ය කීර්තිමත් මිලිටරිය හෙවත් හමුදාවයි.


  • රාජ්ය පාලනයේ ස්භාවය -සමූහාන්ඩුවකි
  •  අගනුවර -වලෙටා
  •   භුගොලිය ඍශ්ඨය - 316 වර්ගකිලොමිටර්
  • ජනග්‍රහනය - 405000
  •  ජන ඝනත්වය - 1282 වර්ග කිලොමිටරයට
  • භාවිතා වන භාෂාවන් - ඉංග්‍රිසි ,මොල්ටෙසි
  • ආගම් - රොමානු කතොලොක 92% ක් ද   වෙනත් 8% වේ.
  • භාවිතා වන මුදල් ඒකකය -  යුරෝ( 2008 සිට)



  •  දල දෙශිය නිෂ්පාදිතය -5404 ඇමරිකන් ඩොලර් මිලියන
  • වාර්ශික වර්ධනය - 0.7%
  • ළදරු මරන අනුපාතය - 5%
  • ආයු අපෙක්ශාව- පිරිමි  - 78                        ගැහැණු - 81
  • පුරවැසි ජනග්‍රහනය - 95.3%
   
           






ඉතිහාසය පුරාම මොල්ටාව පිහිටා තිබෙන ස්ථානය ප්‍රබල යුද්ධෝපායන් ක්‍රියාත්මක කිරීමෙහි ලා ඉතා වැදගත් ඉඩ ප්‍රස්තා සලසා දී තිබුණත්, ෆනීෂියන්වරු, ග්‍රීකයන්, රෝමන්වරු, ෆැටිමිඩ්ස් (Fatimids), සිසිලියන්වරු , ශාන්ත ජෝන් නයිට්වරු, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යන ජාතීන්ට මෙම දූපත් පාලනය කිරීමේ බලය අනුපිළිවෙලින් ලබා දී තිබිණි. මොල්ටාව, වසර 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලබාගත් අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙහි තවදුරටත් රැදී සිටීමේ නිදහස තබාගනිමින්, 1974 දී ජනරජයක් බවට පත්විය. 1964 සිට මොල්ටාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේ වර්ෂ 2004 දීය. මෙම රාජ්‍යය 2007 සිට ෂෙනගන් (Schengen) ගිවිසුමහි පාර්ශවකරුවෙකුද, 2008 සිට යුරෝසෝන්හි (eurozone) සාමාජිකයකු ද වන්නේ ය. මල්ටා රාජ්‍යයට දීර්ඝ කාලින ක්‍රිස්තියානි උරුමයක් තිබේ. එය, පුරෝගාමී ක්‍රිස්තියානු ධර්මදූතයින්ගේ නිල පෙදෙසක් ද වන්නේ ය. 'අපෝස්තල්' (Apostle) පනතට අනුව පෝල් ශාන්තුවරයාගේ යාත්‍රාව 'මෙලිටේ' (melite) හිදි මුහුදුබත් විය. ඉන්පසු මෙම සාන්තුවරයා පූජකවරයකු ලෙස 'මෙලිටේ' හි විසීය. බයිබලය උගතුන් බොහෝ දෙනෙකු 'මෙලිටේ' යනුවෙන් දක්වන්නේ මල්ටාව බවට හඳුනා ගනිති. කතෝලික ධර්මය, මොල්ටාවේ නිල ආගම ලෙස නොකඩවා පවතින අතර, එය එරටෙහි ප්‍රමුඛ ආගම ද වන්නේ ය. මොල්ටාව ප්‍රචලිත වන්නේ එහි දක්නා ලැබෙන ලෝක උරුමයන් හේතු කොටගෙනය. මේවා අතරින් කැපී පෙනන වැදගත් ස්ථානය වන්නේ යුරෝපයේ දක්නට ලැබෙන ඉතා පෞරාණික කිසිදු කලා ශිල්පයක් හා නොඈදුනු තනිව තිබෙන්නා වූ නිර්මාණයක් වන මොල්ටාවේ ශිලාමය සිද්ධස්ථානයන් ය

Thursday 24 April 2014

ෂී ෂෙල්ස්

   උතුරු අක්ෂාංශ 3-11 අතර හා දක්ශිණ දේශාංශ 46-57   ඛණ්ඩාංක මත පිහිටි අප්‍රිකානු මහද්වීපයට අයත් ඉන්දියන් සාගරයේ ඊශානදිග මැඩගස්කරයට යාබදව පිහිටා තිබෙන මෙම දුපත ඇතුලුව  ඔමීනියමො , ආචිපෙලාගො හා වෙන් වෙන් වූ දුපත් කාණ්ඩ 90 අනූවක් පමන පවති . ෂි ෂෙල්ස් දුපත ඉංග්‍රිසි  පාලනයට නතුව තිබුනු අතර 1976 දි නිදහස ලබා ගත්තේය.


     ෂී ෂිලෙස් ධජය පාට පහක් සහිත තීරු පහකින් සමන්විතය ,
              නිල් පාටින්  මුහුද ,
              කහ පාටින් ඉර
රතු පාටින් ආත්ම අධිශ්ඨානය වෙනුවෙන් පෙනී සිටිම 
            සුදු පාටින් පෙන්නුම් කරන්නේ  එකමුතු කම ,
           කොල පාටින් ස්වභාව ධර්මයද පෙන්නුම් කරයි.



  •   රාජ්ය පාලනයේ ස්භාවය -විධයක ජනාධිපති බලය හිමි ජනරජයකි 
  •   අගනුවර - වික්ටොරියා (මහේ  දුපතෙහි පිහිටා  ඇත)
  •   භුගොලිය ඍශ්ඨය - 455 වර්ග කිලොමිටර් 
  •  ජනග්‍රහනය - 83300
  •  ජන ඝනත්වය - 183 වර්ග කිලොමිටරයට 
  • භාවිතා වන භාෂාවන් - ක්‍රියොල්,  ප්‍රංශ භාෂව , ඉංග්‍රිසි (ප්‍රංශ හා ඉංග්‍රිසි බස නිල භාෂව වේ.)
  • ආගම් - රොමානු කතොලොක 86% ක් ද හින්දු 1.3% ක් ද ඇන්ලිකන් 6.7%  වෙනත් 5.4% වේ.
  • භාවිතා වන මුදල් ඒකකය - ෂී ෂෙල්ස් රුපියල් 



  •  දල දෙශිය නිෂ්පාදිතය -657 ඇමරිකන් ඩොලර් මිලියන 
  • වාර්ශික වර්ධනය - 0.4%
  • ළදරු මරන අනුපාතය - 10.4%
  • ආයු අපෙක්ශාව- පිරිමි  - අවුරුදු 66                      ගැහැණු - අවුරුදු 77
  • පුරවැසි ජනග්‍රහනය - 52.3% 

සංචාරක කර්මාන්තය ඉතා වැදගත් තැනක් උසුලන ෂී ෂෙල්ස් දූපතට වසරකට 150000ක් පමන සංචාරකයින්ගේ ආකර්ශනයක් පවති.මෙහි ආචිපෙලාගො ප්‍රධාන සංචාරක පුරවරයක් වන අතර එහි වනජීවන් වෙසෙන කලාපයකි.
   

  


Tuesday 22 April 2014

අවසරයි...

අවසරයි...
 මේ බ්ලොග් එකෙ පලවෙනි පොස්ට් එක මම එකටම මේකෙන් කරන්නෙ මොනාද කියල හදුන්වලා දෙන්නම්, ලොක සිතියම  කියල නම දැක්ක  ගමන්  හිතෙන්න ඇති ලොකේ ගැන මොනා හරි තමා කියල ඔව් ඔයාල මම හැමොම කැමතිනේ ලොකය ගැන දැන්ගන්න ඉතින මන් හිතුවා මේ බ්ලොග් එක හරහා අප ලොකයේ පිහිටන රටවල් ගැන් පොඩි විස්තර ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න.
 විශේශෙන්ම මේ හරහා ඔයාල ගොඩාක් අහල නැති ප්‍රසිද්ද නොවන රටවල් වගෙම ප්‍රසිද්ද රටවලුත් ඇතුල් කරනවා ඒ වගෙම රටවල් වල ජාතික් දජය මගින් කියවෙන්නේ කුමක්ද යන්න මෙහි සටහන් වෙනවා.ඒ ඇතුලු තවත් නොයෙකුත් විස්තර අතුලත් වේවි ඔබට ආරාදන්නා  කරනවා අප සමග එක්වන්න කියා...