Monday 28 April 2014

මොල්ටා


    

උතුරු අක්ශාංශ 36-35 දක්ශින දේශාංශ 14-15 අතර පිහිටි රටකි.මධ‍යදරණි මුහුද මැද පිහිටා ඇති මෙම රට ගෝසෝ ,කොමිනො යන දුපත් වලින් සැදුම්ලත් ප්‍රදේශයකි.සිසිලියට කිලෝමිටර් 90 පහතින් මොල්ටා පිහිටා තිබේ.දකුනු සිසිලියේ සිට අප්‍රිකාව දක්වා ඇති මුහුදු යටි පතුල පිහිටා  තිබෙන ගල්පරය මතපිහිටීම  නිසා මේම රට පිහිටීම අතින් ඉතා සුවිශේශි වේ.ලොව කුඩාතම රටවල් අතුරින් එකක් සහ  වඩා ජනග්‍රහන ඝනත්ව රටවල් අතුරින් එකක් බවට මෝල්ටාව පත්කරයි.  
මොල්ටා වල මෙම පිහිටීම  නැගෙනහිර මධ්යදරණී මුහුදේ සිට බන්සීනි දක්වා තිබෙන මුහුදු මාර්ගය පාලනය කිරීමේ හැකියාව මෙම රට සතුය ඉතා ඉපැරනි ඉතිහාසයක් හා ශිෂ්ඨාචාරයාක් තිබෙන මෙම රට නොයෙකුත් සංස්කෘතික වල එකතුවක් වේ.විශේශයන්ම පැරනි බ්‍රිතාන්ය සංස්කෘතික අංගද මේම රටේ සංස්කෘතියට අයත් වේ.ඊලග පොදු රාජ්ය මණ්ඩල රැස්වීම පවත්වීමට නියම වී තිබෙන්නේ මොල්ටාවටයි.


       රතු පාට තීරුවෙන් දැක්වෙන්නේ නිපුන රුධීරයත් සුදු පාටින් දැක්වෙන්නේ නිර්මලත්වයත් හා ඉහල අග පෙනෙන කුරුසියෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්ය කීර්තිමත් මිලිටරිය හෙවත් හමුදාවයි.


  • රාජ්ය පාලනයේ ස්භාවය -සමූහාන්ඩුවකි
  •  අගනුවර -වලෙටා
  •   භුගොලිය ඍශ්ඨය - 316 වර්ගකිලොමිටර්
  • ජනග්‍රහනය - 405000
  •  ජන ඝනත්වය - 1282 වර්ග කිලොමිටරයට
  • භාවිතා වන භාෂාවන් - ඉංග්‍රිසි ,මොල්ටෙසි
  • ආගම් - රොමානු කතොලොක 92% ක් ද   වෙනත් 8% වේ.
  • භාවිතා වන මුදල් ඒකකය -  යුරෝ( 2008 සිට)



  •  දල දෙශිය නිෂ්පාදිතය -5404 ඇමරිකන් ඩොලර් මිලියන
  • වාර්ශික වර්ධනය - 0.7%
  • ළදරු මරන අනුපාතය - 5%
  • ආයු අපෙක්ශාව- පිරිමි  - 78                        ගැහැණු - 81
  • පුරවැසි ජනග්‍රහනය - 95.3%
   
           






ඉතිහාසය පුරාම මොල්ටාව පිහිටා තිබෙන ස්ථානය ප්‍රබල යුද්ධෝපායන් ක්‍රියාත්මක කිරීමෙහි ලා ඉතා වැදගත් ඉඩ ප්‍රස්තා සලසා දී තිබුණත්, ෆනීෂියන්වරු, ග්‍රීකයන්, රෝමන්වරු, ෆැටිමිඩ්ස් (Fatimids), සිසිලියන්වරු , ශාන්ත ජෝන් නයිට්වරු, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යන ජාතීන්ට මෙම දූපත් පාලනය කිරීමේ බලය අනුපිළිවෙලින් ලබා දී තිබිණි. මොල්ටාව, වසර 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලබාගත් අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙහි තවදුරටත් රැදී සිටීමේ නිදහස තබාගනිමින්, 1974 දී ජනරජයක් බවට පත්විය. 1964 සිට මොල්ටාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේ වර්ෂ 2004 දීය. මෙම රාජ්‍යය 2007 සිට ෂෙනගන් (Schengen) ගිවිසුමහි පාර්ශවකරුවෙකුද, 2008 සිට යුරෝසෝන්හි (eurozone) සාමාජිකයකු ද වන්නේ ය. මල්ටා රාජ්‍යයට දීර්ඝ කාලින ක්‍රිස්තියානි උරුමයක් තිබේ. එය, පුරෝගාමී ක්‍රිස්තියානු ධර්මදූතයින්ගේ නිල පෙදෙසක් ද වන්නේ ය. 'අපෝස්තල්' (Apostle) පනතට අනුව පෝල් ශාන්තුවරයාගේ යාත්‍රාව 'මෙලිටේ' (melite) හිදි මුහුදුබත් විය. ඉන්පසු මෙම සාන්තුවරයා පූජකවරයකු ලෙස 'මෙලිටේ' හි විසීය. බයිබලය උගතුන් බොහෝ දෙනෙකු 'මෙලිටේ' යනුවෙන් දක්වන්නේ මල්ටාව බවට හඳුනා ගනිති. කතෝලික ධර්මය, මොල්ටාවේ නිල ආගම ලෙස නොකඩවා පවතින අතර, එය එරටෙහි ප්‍රමුඛ ආගම ද වන්නේ ය. මොල්ටාව ප්‍රචලිත වන්නේ එහි දක්නා ලැබෙන ලෝක උරුමයන් හේතු කොටගෙනය. මේවා අතරින් කැපී පෙනන වැදගත් ස්ථානය වන්නේ යුරෝපයේ දක්නට ලැබෙන ඉතා පෞරාණික කිසිදු කලා ශිල්පයක් හා නොඈදුනු තනිව තිබෙන්නා වූ නිර්මාණයක් වන මොල්ටාවේ ශිලාමය සිද්ධස්ථානයන් ය

0 comments:

Post a Comment